කවියක්
... නිකන්ම පද පෙලක් නොවන්නට.
අතේ තියෙන ඇගිලි
දහයම නව නව දෙතුන් පාරක් ගනන් කරලත් තව බරගානක් ගනන් කරන්න ඉතිරිවෙන තරම් බර භාශා
ගනනක් තියෙන මේ ලෝකේ " ආදරය" කියන වචනයට මෙන්න මේකය ආදරය කියලා කියන්න
පුලුවන් නියමාකාර අර්තකතනයක් දීලා තියේද ?
නැහැ නේද...
ආදරය කියන්නේ හැගීමක්,ඒ හැගීම කොයිවිදියට
වරනගන්න පුලුවනිද කියන කාරනය කොයි තරම් සංකීරනද කියලා දැනෙන්නේ ආදරය කියන හැගීමත්
එක්ක ,ලේසි
පහසු නෙවේ දරුණු ගනයේ සටනක් කරන්නට සිද්ධ වුනාමය කියලා අහලා තිබ්බට මේ වන තෙක් එය
අවබෝධ වී නොතිබිණි.
ජනේලයෙන් එලියේ
චුරු චුරු ගගා වැටෙන වැහි බිංදු එකින් එක දිහා වෙන් වෙන්ම බැලීමක් කරලන්නට
නොහැකිවුනත් හරියට ඒ ආකාර වූ බැල්මක් එක්කලා එළිය බලාගෙන කල්පනා කරන්නට වූයේ
ඔය ආදරය ගැනමය.ඔය කල්පනාව අස්සේ පියවි ලෝකයට ආවනම් ඒ
ටික වේලාවකට ඉස්සෙල්ලා අම්මා ගෙනවිත් දුන්න තේ කෝප්පයේ රස්නය අතට දැනුනාමය,එහෙම වෙලාවක පොත්
මේසේ පැත්තකින් තිබුන පුංචි කොලකෑල්ලකට ඇස් ගියේ අහම්බයකට වගේ...
ප්‍රේමයක්
නොවුනත්
"රුවනි"ගේ
හිත
ලගදී ලබපු සතුට
සතුටක්
නැතත්
"පවනි"ගේ
හිත
ලගදී
ප්‍රේමයක්
හොයන
කොට
දවසක්දා
හිතට
ලංවුන
නුඹගේ
හිත
ලග
ප්‍රේමයත්
සතුටත්
හොයමින්
වෙහෙසෙනවා.
අහම්බයකට වගේ ඇස්
ගිය කොල කෑල්ලේ ලියවිලා තිබුන මේ පද පේලිය දැක්කමයි හිතුනේ හිතමින් උන්න ආදරයේ
සංකීරන අවස්තාව මීට ඉහතදී කොතැනක හෝ මට හමුවී ඇති බව.(හරි හැටි මතකයක් නැති වුනාට
අනිවාර්‍යෙන්ම ඔය කාගෙහරි හොටුපෙරාගෙන අඩන ලව් ස්ටෝරි එකක් ඇහැව්වට පස්සේ ලියවිච්ච
එකක් වෙන්ට ඇති.)
කොහොමින් කොහොමහරි
ආදරය කියන්නේ හැගීමක් බව අපි හැමෝම දන්නවනේ, ඉතින් හැගීමකට
පුලුවනි නේ විවිධාකර වූ ස්වරූප වල සිටින්න.සතුට,දුක, කේන්තිය ආදි වෙනත්
ඕනෑම හැගීමක් වාගේ ආදරයෙත් විවිධ වූ ස්වරූප ගන්නවා.(ඒවා එකින් එකට කතාකරන්නට
ගියහොත් වෙනම ම කතාවක් වෙනවා)
මොක උනත් මේ කතාව
පටන් ගන්නකොට අර මුලින් කියපු ආදරය වරනගන එක අසීරූ කාරනයක් ය කියන එක පැනනැගෙන්නේ
පිටතින් එකිනෙකට සමානව පේන ආදරයේ ස්වරූප කිහිපයක් එකම හිතක ඇති උනාමයි,ඔතනදී තමා අර කිව්ව
ද්වන්ද සටන කරන්නට සිද්ධවන්නේ.
සරලව කිව්වොත් එකම හිතක දෙන්නෙක් ඉන්නවා වගේ වැඩක්.
දැන් තේරෙනවා නේද...
දැන් මොකද කරන්නේ,
එකම හැගීමක් ස්වරූප දෙකක්,
මෙතනදී තමා තෝරාගැනීම කියන සාධකය මේකට මැදිහත්
වෙන්නේ.
ඔන්න ඔය තෝරාගැනීමේ සාධකය බර වෙන පැත්තේ හැටියට තමා
අහම්බෙන් වගේ ඇස් ගිය,මේසේ කොනක තිබිලා
හම්බවුන පදපේලියේ ලියවිලා තියෙන කතන්දරය අහන්නට වෙන්නේ...
ඉතින්,
සමාවන්න ඕන මේ විදියට දිග හෑල්ලක් ලියාගෙන යන්න
සිද්ධ වුනාට හිතට දැනුන දේ...
ජයවේවා.
සුමියා



