සොයා
යම්ද ආදරනීය නොවැම්බරයක් ....
මහලොකුවට
චිත්‍රපට ගැන දන්නා නිසානම් නොව,හදවතට දැනෙනා නිසා සටහන් කරන් යමි.
චිත්‍රපටය - Sweet_November(2001)
අධ්‍යක්ශනය - Pat O'Connor
රංගනය - Keanu Reeves, Charlize Theron
IMDB_6.7
තමන්ට ගැලපෙන ජීවිතය තියෙන්නේ තමන් තුලම බවත්
එය සෙවිය යුත්තේ අන් අයගේ බලාපොරොත්තුවීම් මත නොවන බවත්,
ජීවිතය සොයා යෑම යනු තමන් තුල ම සැගවුන ජීවිතය සොයා යැම බවත් සේම ,
ජීවිත ගමනේ සියල්ල රදා පවතින්නේ ලං කරගැනීම මත නොවන්නේය,
විටෙක අත් හැරීමද,
මතකයන්ගේ ස්භාවය ද
ජීවිත ගමන තීරණය කරනු ඇති බවත්
කියන්නට උත්සහ දරනු ලැබේ.Sweet_November.
චිත්රපටය අවසානයේ සාරා සහ නෙල්සන් අතර වූ අහන්න ලැබුන හිතට වදින සංවාදය.
(මට හිතෙන විදියට සමස්ත චිත්රපටයේම සංක්ශිප්තය මේ තුල අඩංගුයි)
Sweet_November,
"සාරා: නෙල්සන්,ඔයා දැන් මෙතනින් ගියොත්, අපි දෙන්නගෙ මතකය හැමදාටම සතුටුදායක මතකයක් වෙයි.
නෙල්සන්: සාරා, ජීවිතය කියන්නෙ සතුටම විතරක් නෙවෙයි.
සාරා: ඔයා මාව මතක තියාගන්නෙ කොහොමද කියන එක විතරයි මට වැදගත්
මට ඕන ඒ මතකය ගොඩක් ශක්තිමත් ලස්සන මතකයක් කරන්න.
ඔයාට පේන්නෙ නැද්ද?
ඔයා ඒ විදිහට මාව මතක තියාගත්තොත්, මට පුලුවන් ඕන දේකට සතුටෙන් මුහුණ දෙන්න.
ඕනම දේකට.
නෙල්සන්, ඔයා තමා මගේ සදාකාලික බව"




No comments:
Post a Comment